"එකම චීනය" යන මූලධර්මයට අනුගත වෙමින් "තායිවාන් බෙදුම්වාදී බලවේගයන්ට" සහ බාහිර මැදිහත්වීම්වලට දැඩිව විරුද්ධ විය යුතු බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
2023-04-15 17:28:13
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය Qin Gang මහතා ඊයේ(14) බෙයිජිං හි දී ජර්මානු විදේශ අමාත්‍ය Annalena Baerbock මහත්මිය සමග, හයවැනි චීන-ජර්මනි රාජ්‍යතාන්ත්‍රික හා ආරක්ෂක උපාය මාර්ගික සංවාදය පැවැත්වීය. 

ජර්මන් පාර්ශ්වය එහිදී පෙන්වා දුන්නේ, සිය පාර්ශ්වය "එකම චීනය" යන මූලධර්මයට අනුගත වන නමුත් තායිවාන සමුද්‍ර සන්ධියේ වත්මන් ආතතිය ගැන සැලකිලිමත් වන බවයි.

මෙහි දී Qin Gang මහතා අවධාරණය කළේ, ලෝකයේ එකම චීනය මූලධර්මය පවතින බවත්, තායිවානය චීන භූමියෙන් වෙන් කළ නොහැකි කොටසක් බවයි. චීන මහජන සමූහාණ්ඩුව යනු මුළු චීනයම නියෝජනය කරන එකම නීත්‍යානුකූල රජයයි. තායිවාන ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර එයට කිසිදු බාහිර මැදිහත්වීමක් අවශ්‍ය නොවන බව ඔහු පැවසීය. මෑත වසරවල තායිවාන් සමුද්‍ර සන්ධියේ ගැටලුවලට මූලික හේතුව වූයේ, එහි සිටින "තායිවාන් බෙදුම්වාදී බලවේග" විදේශ බලවේගවල සහයෝගය සහ අනුග්‍රහය යටතේ බෙදුම්වාදී ක්‍රියාකාරකම්වල නිරත වීමයි. තායිවාන සමුද්‍ර සන්ධියේ තත්ත්වය ස්ථිර කිරීම සහ කලාපීය සාමය හා සන්සුන් භාවය පවත්වා ගැනීම සඳහා, "තායිවාන් බෙදුම්වාදී බලවේගයන්ට" සහ බාහිර මැදිහත්වීම්වලට අවිවාදයෙන් විරුද්ධ විය යුතුය. මෙය "එකම චීනය" යන මූලධර්මයට අනුගත වීම සඳහා කළ යුතු කාර්යයක් බව, Qin Gang මහතා එහිදී සඳහන් කළේ ය.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම