133 වැනි කැන්ටන් ප්‍රදර්ශනය ඇරඹේ
2023-04-15 19:55:58
Share with:

133 වැනි කැන්ටන් ප්‍රදර්ශනය අද(15) උදෑසන ආරම්භ විය. අද(15) සිට ලබන 5 වනදා දක්වා පැවැත්වෙන මෙවර කැන්ටන් ප්‍රදර්ශනය ඉතිහාසයේ විශාලතම කැන්ටන් ප්‍රදර්ශනය බවට පත් වේ. මෙවර ප්‍රදර්ශන භූමි ප්‍රමාණය හා ප්‍රදර්ශනයට එක්වන සමාගම් ප්‍රමාණය ඉහළ ම අගයක් වීම එයට හේතුවයි.

මෙවර කැන්ටන් ප්‍රදර්ශනයේ භූමි ප්‍රමාණය වර්ග මීටර් ලක්ෂ 15ක් වන අතර ප්‍රදර්ශන කුටි හැත්තෑදහසක් පමණ ඉදිකර තිබේ. සමාගම් තිස්නවදහසක් පමණ මාර්ගගත ලෙස ප්‍රදර්ශනයට එක් වන අතර සමාගම් තිස්හතරදහසක් මාර්ගගත නොවන ආකාරයෙන් ඊට සහභාගි වේ. මෙවර ප්‍රදර්ශනයේ ආනයන ප්‍රදර්ශනයට රටවල් හා ප්‍රදේශ 40ක සමාගම් 508ක් එක් ‍වේ. එයින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල හා සම්බන්ධ රටවල් හා ප්‍රදේශවල සමාගම් සියයට 73ක් නියෝජනය කිරීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම