තුන්වැනි චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය අද නිමාවට පත් වේ
2023-04-15 17:19:10
Share with:

 

               තුන්වැනි චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය අද (15) දකුණු චීනයේ හයි නැන් පළාතේ Haikou නුවර දී නිමාවට පත් විය. දින 6ක් පුරා පැවති මෙම ප්‍රදර්ශනය සඳහා රටවල් හා ප්‍රදේශ 60කින් පමණ පාරිභෝගික භාණ්ඩ 4000කට වැඩි සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කර තිබේ. ඒ අතරින් බොහෝ ප්‍රමුඛ ජාත්‍යන්තර සමාගම් සිය ඉහළම පෙළේ නිෂ්පාදිත එහිදී ප්‍රථම වරට එළි දැක්වීම විශේෂත්වයකි.

                දැනට චීනය ‍ලොව දෙවැනි විශාල ම පාරිභෝගික වෙළඳපොල සහ පළමුවැනි මාර්ගගත සිල්ලර වෙළඳපොල වේ. චීන පාරිභෝගිකයන්ගේ පරිභෝජන උද්යෝගය ඉහළයාම හේතුවෙන් ලොව විවිධ රටවල නිෂ්පාදිත භාණ්ඩ චීන වෙළඳපොලට ප්‍රවේශවීමට පුළුල් අවකාශයක් සැලසේ. මෙවර චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය විදෙස් ව්‍යවසායන්ට සිය භාණ්ඩ ප්‍රදර්ශනය කිරීමේ වේදිකාවක් පමණක් නොව අනාගතය නිර්මාණය කිරීමේ අවස්ථාවක් ද ලබා දී තිබේ. පළමු චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය පැවති 2021 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර පාරිභෝගික නිෂ්පාදන සමාගම් රැසක් ප්‍රදර්ශනය පැවැත්වෙන හයි නැන් පළාතට පැමිණ සිටී. හයිනැන් පළාත ජාත්‍යන්තර සංචාරක හා පාරිභෝගික මධ්‍යස්ථානයක් වශයෙන් සංවර්ධනය කරන ව්‍යාපෘති සඳහා ද එක්වීමට එම විදෙස් සමාගම්වලට අවස්ථාව ලැබී ඇත. හයිනැන් පළාත සතු ඉහළ පහසුකම්වලින් යුත් විවෘත ව්‍යාපාරික පරිසරය මෙන් ම  “කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුමට ”අත්සන් තැබූ සාමාජික රටක් වශයෙන් චීනයට ලැබී ඇති විවිධ අනුග්‍රාහී පහසුකම් ද එම විදෙස් සමාගම් ආකර්ෂණය කර තිබේ.

               චීන ජනතාවගේ ජීවන මට්ටම නොකඩවාම ඉහළ යාම හේතුවෙන් චීන පාරිභෝගික වෙළඳපොලේ වඩාත් විශාල වර්ධන අවකාශයක් නිර්මාණය වෙමින් පවතී. මේ වසරේ චීනය විදේශයන් කෙරේ සිය විවෘතභාවය තවදුරටත් පුළුල් කරයි. එබැවින් විදෙස් ව්‍යවසායන්ට චීන වෙළඳපොලෙන් තව තවත් ලාභ ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම