ඇමරිකාව චීන සමාගම් විශේෂයෙන් නම් කරන ලද ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳ චීනයේ දැඩි විරෝධය
2023-04-15 15:59:47
Share with:

චීනයේ වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු අද(15) ප්‍රකාශ කළේ රුසියාව හා සම්බන්ධ නිදහසට කරුණු දැක්වීම යටතේ චීන සමාගම් එහි විශේෂයෙන් නම් කරන ලද ජාතික ලැයිස්තුවකට ඇතුළත් කිරීමට එක්සත් ජනපදය ගත් තීරණයට චීනය දැඩි ලෙස විරුද්ධ වන බවයි. 

මෙය ඇමරිකාවේ ඒකපාර්ශ්වික සම්බාධක පැනවීමේ සහ අසාධාරණ අධිකරණ බලයේ සාමාන්‍ය භාවිතයකි. එක්සත් ජනපදයේ මෙම තීරණය ජාත්‍යන්තර නීති සමඟ කිසිසේත්ම නොගැළපෙන අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් එයට අවසර ලබා දී නොමැති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.  මෙම ක්‍රියාව හේතුවෙන් චීන ව්‍යවසායකයන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා බරපතල ලෙස හෑල්ලූවට ලක් කර ඇති අතර ගෝලීය කාර්මික හා සැපයුම් දාමයේ ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට ද තර්ජනයක් වී ඇත.එක්සත් ජනපදය මෙම වැරදි තීරණ වහාම නිවැරදි කර ගත යුතු අතර චීන ව්‍යවසායන් අසාධාරණ ලෙස මර්දනය කිරීම වහාම නැවැත්විය යුතු බව ද අවධාරණය කළේය.  චීනය චීන ව්‍යවසායයන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා දැඩි ලෙස ආරක්ෂා කිරීමට බැඳී සිටිනු ඇති බව ද වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශක අවධාරණය කළේය .

 

 

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම