ආරම්භ කළ ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් ලෝක බැංකුවේ ප්‍රසාදය
2023-04-15 17:40:09
Share with:

අවදානමට ලක්වූ කණ්ඩායම් ආරක්ෂා කිරීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ ඇතුළු සියලු කරුණු සාර්ථකවීමට නම් විනිවිදභාවයකින් යුතුව එය සිදුකළ යුතු බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් මහතා පවසයි.

වොෂින්ටනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ සමුළුව අතරතුර දී මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මාර්ටින් රේසර් මහතා හමුවී තිබේ. මෙම හමුවේ දී පුනර්ජනීය බලශක්තිය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳව මෙන්ම අපනයන මුල් කරගත් කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර පිළිබඳව ද සාකච්ඡා කළ බව මාර්ටින් රේසර් මහතා නිකුත් කළ ටිවිටර් පණිවිඩයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සතුටට පත්වන බවත්, යථාතත්ත්වයට පත්වීම සඳහා ලෝක බැංකුව අවශ්‍ය උපදෙස්  සහ මූල්‍ය සහය ලබාදෙන බවත් මාර්ටින් රේසර් මහතා එහි දී පවසා ඇත. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද සහභාගී විය.

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම