ඉදිරි දින කිහිපයේත් අතිරේක පොදු ප්‍රවාහන සේවා අඛණ්ඩව
2023-04-15 17:45:08
Share with:

අලුත් අවුරුදු චාරිත්‍ර නිමා වීමෙන් අනතුරුව ගම්බිම් බලා යන ජනතාවට මෙන්ම ගම්බිම්වල සිට යළි කොළඹ බලා පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා අද සිට අතිරේක බස් රථ ධාවනයට යොදවා ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. ඒ අනුව අප්‍රේල් 18වනදා දක්වා අතිරේක බස් රථ සහ විශේෂ ගමන් වාර ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා ප්‍රකාශ කළේය. ඒ අතර පෞද්ගලික බස් රථ ද අඛණ්ඩව ධාවනයට යොදවා ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ද පවසයි.

එමෙන්ම ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද(15) සිට විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනයට එක් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම විශේෂ දුම්රිය සේවාව අනිද්දා දක්වා ක්‍රියාත්මකයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම