චීන, ජර්මානු විදේශ අමාත්‍යවරුන් රාජ්‍යතාන්ත්‍රික හා ආරක්ෂක උපාය මාර්ගික සංවාදයේ සම සභාපතිවරුන් ලෙස මුලසුන දරයි
2023-04-15 19:04:59
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික විදේශ අමාත්‍ය Qin Gang මහතා සහ චීනයේ සංචාරයක නිරත වන ජර්මානු විදේශ අමාත්‍ය Annalena Baerbock මහත්මිය ඊයේ(14) බෙයිජිං හි පැවති හයවැනි රාජ්‍යතාන්ත්‍රික හා ආරක්ෂක උපාය මාර්ගික සංවාදයේ සම මුලසුන දැරූහ.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමේ සිටම දෙරට සෑම විටම අන්‍යෝන්‍ය ගෞරවය, සමානාත්මතාවය තුළ පොදු පදනමක් මත කටයුතු කිරීම සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ වෙනුවෙන් කැපවී ඇත. එය ද්විපාර්ශ්වික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට පමණක් නොව, යුරෝපීය සබඳතා වර්ධනය කිරීමට සහ ලෝක සාමය සහ ස්ථාවරත්වය සඳහා ද හේතු විය.

චීනය සහ ජර්මනිය හවුල්කරුවන් මිස කිසිවිටක ප්‍රතිවාදීන් නොවන බව අවධාරණය කළ Qin Gang මහතා, දෙපාර්ශ්වය ස්වාධීනව සිය සබඳතා වර්ධනය කර ගත යුතු බව පැවසීය. චීනය සහ ජර්මනිය ලෝකයටම වැදගත් ප්‍රධාන රටවල් බවත්, ගෝලීය අභියෝගවලට එක්ව මුහුණ දීම සඳහා, පොදු ප්‍රජාවක් ලෙස ක්‍රියා කළ යුතු බවත් කියාසිටියේය. චීන ව්‍යවසායන් සඳහා ජර්මනිය සාධාරණ, විවෘත සහ වෙනස් කොට සැලකීමක් සිදු නොවන වෙළඳපොළ පරිසරයක් නිර්මාණය කර දිය යුතු බව ද ප්‍රකාශ කළේය.

යුක්රේන අර්බුදය විසඳීම සඳහා එකම මාර්ගය සාම සාකච්ඡා ප්‍රවර්ධනය කිරීම බවත්, දිගුකාලීන සාමය සහ ස්ථාවරත්වය ළඟා කර ගැනීම වෙනුවෙන් චීනය යුරෝපයට අඛණ්ඩව සහය ලබා දෙන බවත් Qin Gang මහතා එහිදී අවධාරණය කළේය.

චීනයේ අධිවේගී දුම්රිය මාර්ගය පිළිබඳ අගය කළ Baerbock මහත්මිය, ජර්මනිය චීනය සමඟ ස්වාධීනව ඉදිරියටත් සබඳතා වර්ධනය කර ගන්නා බවත්, විවිධ අංශයන්හි ද්විපාර්ශ්වික හුවමාරු සහ සංවාදයන් කඩිනමින් නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කළාය.

එමෙන්ම ගෝලීය ගැටළු සම්බන්ධයෙන් චීනය සමඟ සමීප සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම