සංවර්ධනය වෙමින් පවතින රටවල ස්වෛරී ණය ගැටලුව පිළිබඳ චීනයේ ස්ථාවරය චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි
2023-04-14 17:31:28
Share with:

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන් බින් මහතා අද(14) බෙයිජිං හි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී සංවර්ධනය වෙමින් පවතින රටවල ණය ගැටලුව පිළිබඳව අදහස් දැක්වීය. බහුපාර්ශ්වික ණයහිමියන්, ද්විපාර්ශ්වික ණයහිමියන් සහ වාණිජ ණයහිමියන් සාධාරණ ලෙස ණය බර බෙදා ගනිමින් ඒකාබද්ධ ව අදාළ ණය ගැටළු විසඳා ගත යුතු බවත්, එය ණය ගැටළු නිරාකරණය කිරීමේ තීරණාත්මක ක්‍රමවේදයක් බවත් , ඔහු එහිදී පෙන්වා දුන්නේ ය.

පසුගිය දා පැවති ගෝලීය ස්වෛරී ණය ප්‍රශ්න පිළිබඳ සංවාද සමුළුවට එක් වෙමින් චීනය සිය අදහස් පළ කර තිබේ. බහුපාර්ශ්වික ණයහිමියන් අදාළ ණය ගැටළු නිරාකරණය වෙනුවෙන් කඩිනමින් සිය සැලසුම් ඉදිරිපත් කළ යුතු බවත්, ණය පිළිබඳ අඛණ්ඩ විශ්ලේෂණය හා තොරතුරු හුවමාරුව වැඩිදියුණු කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කඩිනමින් ක්‍රියා කළ යුතු බවත්, ණය හිමියන්ට එක්විය හැකි නිශ්චිත මාර්ග පිළිබඳව විවිධ පාර්ශ්වයන් කඩිනමින් එකඟතාවයකට පැමිණිය යුතු බවත් , චීනය එහිදී අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම