චීනයේ ආර්ථික ප්‍රකෘතියෙන් ගෝලීය සංවර්ධනයට මනා පිටුබලයක් සැපයෙන බව ලෝක බැංකු ප්‍රධානියා පවසයි
2023-04-14 09:40:29
Share with:

සමස්ත ලෝක ආර්ථිකයේ මන්දගාමී ප්‍රකෘතියක් පවතිද්දීත්, චීන ආර්ථිකය ධනාත්මක ගම්‍යතාවක් පෙන්නුම් කරමින් ගෝලීය සංවර්ධනයට වාසිදායක වර්ධනයක් එක් කර ඇති බව ලෝක බැංකු අධිපති ඩේවිඩ් මැල්පාස් මහතා කියාසිටී. ඔහු ඊයේ (13) වොෂින්ටනයේ දී මේ බව පැවසීය.

ඉකුත් දෙසැම්බර් මාසයේ චීනයට ගිය අවස්ථාවේ දී, රටේ වැඩිදියුණු කරන ලද වසංගත පාලන ප්‍රතිපත්ති මගින් මෙහෙයවනු ලබන ආර්ථික ප්‍රකෘතිය සියැසින් දුටු බව ඩේවිඩ් මැල්පාස් මහතා පැවසීය. චීනයේ ආර්ථිකය 2022 දී 3% සිට 2023 දී 5.1% ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලෝක බැංකු අධිපතිවරයා මෙම සතිය මුල දී පවසා තිබුණේ චීනයේ පුද්ගලික ආයෝජන ශක්තිමත් අතර, මුදල් ප්‍රතිපත්තිය නිසි අයුරින් සැකසීමට ඉඩ ඇති බවයි. චීන රජය විශේෂයෙන් සෞඛ්‍ය සේවා සහ සංචාරක ව්‍යාපාරයේ වර්ධනය දිරිමත් කරයි. චීනයේ ආර්ථිකය පිළිබඳ ඉදිරි දැක්ම හේතුවෙන්, ලෝක බැංකුව 2023 වසර සඳහා වන සිය ගෝලීය වර්ධන පුරෝකථනය ජනවාරි මාසයේ දී ප්‍රකාශ කළ 1.7 % ක අගයේ සිට 2% දක්වා ඉහළ නංවා ඇතැයි ද ඩේවිඩ් මැල්පාස් මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම