චීන විදේශ වෙළඳාමේ යහපත් ප්‍රවණතාවක්
2023-04-14 10:17:27
Share with:

චීන විදේශ වෙළඳාමේ යහපත් ප්‍රවණතාවක් වාර්තා කෙරේ.

පසුගිය මාර්තු මාසයේ, චීනයේ BYD හි විදුලි මෝටර් රථ විශේෂයක්, තායිලන්ත වෙළඳපොල තුළ අලෙවිය ඒකක 2,434 දක්වා ළඟා වී තිබේ. අඛණ්ඩව තුන්වන වරටත් තායිලන්තයේ විදුලි මෝටර් රථ අලෙවි ශූරතාව දිනා ගැනීමට එම මෝටර් රථ සමාගම සමත් විය. එය චීනයේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳාම තුළ ජනප්‍රියත්වය නිරූපනය කෙරෙන මනා නිදසුනකි.

මේ වසරේ ලෝක භාණ්ඩ වෙළඳාම 1% කින් පමණක් වර්ධනය වනු ඇති බව ලෝක වෙළඳ සංවිධානය අනාවැකි පළ කර ඇත. ආරක්ෂණවාදය සහ භූ දේශපාලනය ඇතුළු අවදානම් සමඟින්, චීනයේ විදේශ වෙළඳ සංවර්ධනය බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙයි. දත්තවලට අනුව, මේ වසරේ පළමු කාර්තුවේ චීනයේ භාණ්ඩ ආනයන හා අපනයන නිමැවුම චීන යුවාන් ට්‍රිලියන 9.89 ක් වූ අතර එය ගිය වසරේ එම කාලයට සාපේක්ෂව 4.8% ක වර්ධනයකි. විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් සිටියද, චීනයේ විදේශ වෙළඳාම මේ වසරට මනා ආරම්භක පදනමක් ස්ථාපිත කර තිබෙන බවත්, චීන ආර්ථිකයේ යහපත් සංවර්ධන ප්‍රවණතාවක් පවතින බවත් ඉන් පෙන්නුම් කෙරේ.

පසුගිය මාර්තු මස අගදී ලෝක බැංකුව නැගෙනහිර ආසියාවේ සහ පැසිෆික් කලාපයේ ආර්ථික තත්ත්වය පිළිබඳ වාර්තාවක් නිකුත් කළේය. එම වාර්තාව 2023 වසරේ චීනයේ ආර්ථික වර්ධන වේගය ජනවාරි මස පළකළ අනාවැකිය වූ 4.3% සිට 5.1% දක්වා ඉහළ නංවා ඇත‍.

වත්මන් ජාත්‍යන්තර පරිසරය සංකීර්ණ වන අතර, ජාත්‍යන්තර වෙළඳ දැක්ම වඩාත් වැඩි පීඩනයක් යටතේ පවතී. කෙසේ වෙතත් චීන ආර්ථිකයේ විශාල විභවයක් සහ ජීව ශක්තියක් ඇති අතර, චීන ආර්ථිකය දිගුකාලීනව මනාව සංවර්ධනය කිරීමේ ප්‍රවණතාව නොවෙනස්ව පවතී.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම