චීන ජනපති Guangzhou හි සමාගම් දෙකේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවල උපායමාර්ගික වැදගත්කම
2023-04-14 10:07:39
Share with:

පසුගිය 12 වැනිදා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Guangzhou නගරයේ පිහිටි LG ප්‍රදර්ශන නිෂ්පාදන මධ්‍යස්ථානය නිරීක්ෂණය කර තිබේ. එහි සමාගම් ගණනාවක් ආවරණය කරන අතර, ප්‍රධාන වශයෙන් රූපවාහිනී සඳහා නව තාක්ෂණයෙන් යුතු (OLED) අද්විතීය පැනල් නිෂ්පාදනය කරයි.

පුළුල් දැක්මක්, ඉහළ ඉලක්ක සහ වඩා බලගතු පියවරයන් සමඟින් පුළුල් විවෘතභාවය ප්‍රවර්ධනය කිරීම, ෂී ජින් පිං මහතා විසින් Guangzhou නගරය පිහිටි Guangdong පළාත සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීම හා එහි කාර්යභාරය වේ.

නිෂ්පාදන කර්මාන්තය චීන ආර්ථිකයේ ජීවනාලිය. එය ශක්තිමත් රටක පදනමයි. පසුගිය 12 වැනිදා ජනාධිපති ෂී ජින් පිං මහතා සීමා සහිත GAC AION නව බලශක්ති මෝටර් රථ සමාගම ද නිරීක්ෂණය කර තිබේ. එම සමාගම යනු චීනයේ නව බලශක්ති මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛතම ව්‍යවසායකි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙවර Guangzhou හි සමාගම් දෙකක් නිරීක්ෂණය කිරීමට ගැඹුරු උපායමාර්ගික චින්තනයක් අඩංගු වේ.

පළමුවැන්න ඉහළ පෙළේ නිෂ්පාදන දියුණු කර ශක්තිමත් නිෂ්පාදන සහිත රටක් ගොඩනැගීමයි. දෙවැන්න නම් ඉහළ මට්ටමේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි ස්වෛරීභාවය සහ දියුණුව සාක්ෂාත් කර ගැනීම වේගවත් කිරීමයි. එය චීනයේ උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ඇති එකම මාර්ගයයි. තෙවැන්න විවිධ ව්‍යාපාරික ආයතනවල ජීව ශක්තිය උත්තේජනය කිරීම සහ ආයෝජන සහ ව්‍යවසායකත්වය සඳහා යහපත් පරිසරයක් නිර්මාණය කිරීමයි. සිව්වැන්න නම්, සර්ව සම්පූර්ණ ආකාරයකින් විවෘතභාවයේ දොරටු වඩාත් පුළුල් ලෙස විවෘත කිරීමයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම