සියලු භේද පසෙකලා නව දැක්මකින් ඉදිරියට යාමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගත යුතු බව ජනාධිපතිවරයා පවසයි
2023-04-14 16:37:11
Share with:

පක්ෂ, පාට, ජාති, ආගම් භේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියාසිටියි.

පසුගිය වසරේ අලුත් අවුරුද්ද උදාවන විට රටේ ජනතාව ජිවන අරගලයට මුහුණ දී සිටි බවත්, අද වන විට එම අර්බුදයෙන් මිදී යම් සහනදායී පරිසරයක අලුත් අවුරුද්ද සැමරීමට හැකියාව ලැබී ඇත. සියලු දෙනාගේ සාමුහික දායකත්වයෙන් එක මවකගේ දරුවන් ලෙස එක මගක ඉදිරියට යාමෙන් එළඹෙන අවුරුද්ද වඩාත් භාග්‍යවත් සහ සමෘද්ධිමත් කර ගැනීමට හැකි වන බව ද ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයෙන් පෙන්වාදෙයි.

මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයෙන් පෙන්වා දෙන්නේ අප මුහුණ දුන් රෝග, ව්‍යසන, ආර්ථික හා සමාජ අර්බුද මතු පරපුරට ඉතිරි නොකර නවමු සංකල්පයන්ගෙන් පෝෂිත අලුත් අවුරුද්දක් බිහි කරන්නට කැප විය යුතු බවයි. ගොවි ජනතාව රට බත බුලතින් සරි කරන්නට අභියෝගාත්මකව කළ මෙහෙය මෙවර අලුත් අවුරුද්දේ දී කෘතවේදීව සිහිපත් කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා පවසයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම