ජර්මන් විදේශ අමාත්‍යවරිය චීනයේ නිල සංචාරයක
2023-04-14 17:44:53
Share with:

ජර්මන් විදේශ ඇමතිනී Annalena Baerbock මහත්මිය චීනයේ නිල සංචාරයක නිරත වන චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද(14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

Annalena Baerbock මහත්මියගේ ප්‍රථම චීන නිල සංචාරය මෙයයි. චීන රාජ්‍ය මණ්ඩලයේ සාමාජික විදේශ අමාත්‍ය Qin Gang මහතා සහ Annalena Baerbock මහත්මිය අද(14) උදෑසන ඒකාබද්ධව චීනය හා ජර්මනිය අතර හයවැනි රාජ්‍යතාන්ත්‍රික හා ආරක්ෂක උපාය මාර්ගික සංවාදයේ මුලසුන දරා තිබේ.

දෙරටේ සබඳතාව, ජාත්‍යන්තර හා කලාපීය ප්‍රශ්න පිළිබඳව ඔවුන් ගැඹුරින් සාකච්ඡා කළහ. මේ සංචාරය පදනම් කර ගෙන සියලු ආකාරයේ උපාය මාර්ගික හවුල්කාරී සබඳතාවයන් යහපත් ලෙස වර්ධනය වීම දෙපාර්ශ්වය විසින් ප්‍රවර්ධනය කරනු ඇත. දෙරට සියළු ක්ෂේත්‍රවල සංවාද පැවැත්වීම, උපාය මාර්ගික අන්‍යෝන්‍ය විශ්වාස වැඩි කිරීම, අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාගේ කේන්ද්‍රීය ප්‍රතිලාභයන්ට ගරු කිරීම, ජාත්‍යන්තර කටයුතුවල සංවාද ශක්තිමත් කිරීම ඇතුළු කරුණු පිළිබඳව දෙපාර්ශ්වය එකඟතාවයකට පැමිණ ඇත. එමෙන්ම චීන තායිවාන ප්‍රශ්නය පිළිබඳ චීනයේ ස්ථාවරය පිළිබඳ ජර්මනිය වෙත පැහැදිලි කළේය.

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම