චීන විදේශ අමාත්‍යවරයා ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සිව්වැනි රැස්වීමට එක්වෙයි
2023-04-14 09:52:23
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය Qin Gang මහතා ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සිව්වැනි රැස්වීමට සහභාගි වෙයි.

එම රැස්වීම, උස්බෙකිස්තාන වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය Bakhtiyor Saidov මහතාගේ ප්‍රධානත්වයෙන් එරට  Samarkand නගරයේ  දී ඊයේ (13) පැවැත්විණ. රුසියානු විදේශ අමාත්‍ය Sergei Lavrov, ඉරාන විදේශ අමාත්‍ය Hossein Amir-Abdullahian, තජිකිස්තාන විදේශ අමාත්‍ය Sirojiddin Muhriddin, තුර්ක්මෙනිස්තානයේ  ප්‍රථම නියෝජ්‍ය විදේශ අමාත්‍ය Vepa Hajiyev යන මහත්වරු සහ පාකිස්තාන  විදේශ කටයුතු ඇමතිනි Hina Rabbani Khar මහත්මිය ඊට එක්ව සිටියහ.

චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා මෙහිදී  කරුණු හතරකින් යුත් යෝජනාවක් ඉදිරිපත් කළේය. එහි පළමුවැන්න, ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදී බලවේග මර්දනය කිරීම, ත්‍රස්තවාදය ගොඩනැගෙන මූලයන් ඉවත් කිරීම, එරට නිදහසේ වාසය කළ හැකි අභයභූමියක් බවට පත්කිරීම සහ යළි ත්‍රස්තවාදයේ ඉපදීම හා ව්‍යාප්ත වීම අධිෂ්ඨානශීලීව වැළැක්වීමයි.

අමාත්‍යවරයාගේ සෙසු යෝජනා තුන වන්නේ, ඇමරිකාව සිය වගකීම් ඉටු කළ යුතුවීම,  ඇෆ්ගන් තලේබාන් සංවිධානය මගින් සියලුදෙනා ඇතුළත් වන පාලනයක් ගොඩනැගීම හා  ඇෆ්ගනිස්තානය සම්බන්ධ ප්‍රායෝගික සහයෝගිතාව ක්‍රියාත්මක කිරීමයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම