තුර්කි-ඊජිප්තු ද්විපාර්ශ්වික සම්බන්ධතා යහපත් අතට
2023-04-14 14:47:45
Share with:

තුර්කිය හා ඊජිප්තුවේ ද්විපාර්ශ්වික සම්බන්ධතා යහපත් තත්ත්වයකට රැගෙන ඒම සඳහා දෙරට එකඟතාව පළ වේ.

  තුර්කි විදේශ ඇමති Mevlut Cavusoglu මහතා, සංචාරයක් සඳහා එරටට පැමිණ සිටින ඊජිප්තු විදේශ ඇමති Sameh Shoukry මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය. ඒ,  ඊයේ (13) අන්කාරා අගනුවර දී යි.

දෙරට සම්බන්ධතාව යහපත් කිරීමටත්, රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව ඉහළ නැංවීම සඳහා ප්‍රායෝගික පියවර ගැනීමටත් දෙපාර්ශ්වය එකඟ වූ බව, එම හමුවෙන් පසු පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කෙරිණ.

තානාපතිවරුන් පත් කර යැවීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය සාකච්ඡා කළ බවත්, දෙරට තානාපති කාර්යාල ස්ථාපනය සඳහා කටයුතු සූදානම් කෙරෙමින් පවතින බවත් තුර්කි විදේශ ඇමතිවරයා මෙහිදී පැවසීය.

දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රවල දෙරට සහයෝගතා පුළුල් කිරීම පිළිබඳව මෙවර හමුවේ දී සාකච්ඡා කෙරුණු බව ඊජිප්තු විදේශ ඇමතිවරයා කියාසිටී. රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව ඉහළ නැංවීමේ කාලසටහන පිළිබඳව දෙරට ඒකමතික අදහසකට පැමිණ ඇති අතර, සුදුසු අවස්ථාවක එය ප්‍රසිද්ධ කෙරෙන බව ද හෙතෙම පැවසීය. දෙරට රාජ්‍යනායක හමුව සඳහා කටයුතු සූදානම් කෙරෙන බව ද  ඊජිප්තු විදේශ ඇමතිවරයා මෙහිදී අනාවරණය කළේය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම