චීන-බ්‍රසීල ජනාධිපතිවරු සාකච්ඡා පවත්වති
2023-04-14 19:45:00
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා අද(14) පස්වරුවේ බෙයිජිංහි දී හමු වූහ.

චීනය හා බ්‍රසීලය වෙන් වෙන් වශයෙන් නැගෙනහිර අර්ධ ගෝලයේ හා බටහිර අර්ධ ගෝලයේ විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට මෙන්ම වැදගත් නැගී එන වෙළඳපොළ ආර්ථිකයක් සහිත රටවල් බව ෂී ජින් පිං මහතා එම හමුවේ දී පැවසීය. Luiz Inácio Lula da Silva මහතා සමග නව යුගයේ පුළුල් සහ පොදු ප්‍රතිලාභ සහිත චීන-බ්‍රසීල සබඳතාවේ අනාගතය නිර්මාණය කිරීමෙන් දෙරටේ ජනතාවට සුභසෙත සැලසීමට බල‍පොරොත්තු වන බව ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය.

නව සංවර්ධන ආකෘතීන් ගොඩනැගීම හා විවෘතභාවය වැඩිදියුණු කිරීම සිදු කරමින් බ්‍රසීලය ඇතුළු විවිධ රටවලට වැඩි අවස්ථා චීනය විසින් සපයනු ඇත. දෙරටේ සබඳතාව ස්ථීර ලෙස වර්ධනය වීමෙන් කලාපීය හා ලෝකයේ සාමය, ස්ථාවරත්වය හා සමෘද්ධිය වෙනුවෙන් සක්‍රීය මෙන්ම වැදගත් කාර්යභාරය ඉටු කළ හැකි බව හෙතෙම අවධාරණය කළේය.

ජනාධිපති ධූරයට තේරී පත් වීමෙන් පසු ඇමරිකා මහාද්වීපය හැර සංචාරය කරන ප්‍රථම රට චීනය බව Luiz Inácio Lula da Silva මහතා එහිදී පැවසීය. ඉන් චීනය වෙත පවතින ගෞරවය හා දෙරටේ සබඳතාවයේ වර්ධනය අගය කිරීම පිළිබිඹු වේ.

චීනය, වර්තමානයේ දේශපාලන, ආර්ථික හා වෙළඳ, විද්‍යා හා තාක්ෂණ ඇතුළු ක්ෂේත්‍රවල වෙන් කළ නොහැකි වැදගත් පාර්ශවයකි. චීනය සමග සබඳතාව ශක්තිමත් කිරීම, බ්‍රසීලයේ විවිධ ක්ෂේත්‍රවල පොදු බලාපොරොත්තුවකි. බොහෝ ප්‍රධාන ජාත්‍යන්තර ප්‍රශ්නවල දී එකඟතාව හා පොදු ප්‍රතිලාභ සහිත පාර්ශවයන් ලෙස බ්‍රසීලය හා චීනය අතර සබඳතාව අනාගතයේ වඩාත් යහපත් වනු ඇතැයි Luiz Inácio Lula da Silva මහතා විශ්වාසය පළ කළේය.

එම හමුවීමෙන් පසු වෙළඳ, ආයෝජන, තාක්ෂණික නිර්මාණශීලිත්ව, තොරතුරු හා සන්නිවේදන සහ අභ්‍යවකාශ ඇතුළු ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික ලේඛන බොහොමයක් අත්සන් තැබීමේ අවස්ථාවට ද දෙරටේ ජනාධිපතිවරු එක් වූහ.


ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම