ඉන්ධන අලෙවියේ වර්ධනයක්
2023-04-14 16:40:35
Share with:

ඉන්ධන අලෙවියේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව ට්විටර් පණිවු‍ඩයක් නිකුත් කරමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. පසුගිය දින 7  තුළ මෙම වර්ධනය අත්කර ගෙන ඇති අතර ඉන්ධන බලපත්‍ර ක්‍රමයට සිදු වූ අලෙවිය  සියයට 80 දක්වා ඉහළ ‍ගොස් තිබේ.  ඊට පෙර සතියේ එම අගය  සියයට 60ක මට්ටමක පැවතුණි.

මීට අමතරව අදාළ මාර්ගෝපදේශ අනුගමනය නොකළ ඉන්ධන පිරවුම්හල් 66ක බලපත්‍ර  තාවකාලිකව අත්හිටුවා ඇත. කෙසේ නමුත්, උත්සව සමයේ අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීමට පියවර ගෙන ඇත. ඒ අනුව දෛනිකව බෙදා හරින ඔක්ටේන් 92 වර්ග‍යේ පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4,650 දක්වාත්, ඔටෝ ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ‍ටොන් 5,500 දක්වාත් වැඩි කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම