බ්‍රසීල-චීන සබඳතාව හා බ්‍රික්ස් සහයෝගිතා බ්‍රසීල ජනපතිගේ ඉහළ පැසසුමට
2023-04-14 10:22:44
Share with:


බ්‍රසීල-චීන සබඳතාව හා බ්‍රික්ස් රටවල සහයෝගිතා බ්‍රසීල ජනාධිපතිවරයා ගේ ඉහළ පැසසුමට ලක්වෙයි.

චීනයේ නිල සංචාරයක නිරත බ්‍රසීල ජනාධිපති  Lula da Silva මහතා ඊයේ (13) මේ බව පැවසුවේ, Shanghai නගරයේ Pudong හි පිහිටි බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකු මූලස්ථානයේ දීයි. එම බැංකුවේ නව අධිපතිවරිය ලෙස පත්වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපතිනි Dilma Rousseff මහත්මිය අදාළ ධුරය භාරගැනීමේ උත්සවයට හෙතෙම සහභාගි විය.

නව සංවර්ධන බැංකුව, අලුතින් නැගී එන රටවල් විසින් ස්ථාපනය කරන ලද ප්‍රථම බහුපාර්ශ්වික සංවර්ධන බැංකුව බව බ්‍රසීල ජනාධිපතිවරයා පවසයි. එම රටවලට ලෝකයට සාධනීය බලපෑම් එල්ල කළ හැකි බව ඉන් පිළිබිඹු වෙයි. එහිදී දිළිඳුකම අවම කිරීම, විෂමතා පිටුදැකීම මෙන්ම තිරසර ලෝකයක් ගොඩනැංවීමට අපේක්ෂා කෙරේ. සංවර්ධිත රටවල ප්‍රධානත්වයෙන් යුතු ‘සාම්ප්‍රදායික බැංකුවල’ට සාපේක්ෂව නව සංවර්ධන බැංකුව විශේෂ අනන්‍යතාවලින් සමන්විත වීම කැපීපෙනෙන බව ද Lula da Silva මහතා පෙන්වාදෙයි.

බ්‍රසීලය හා චීනය අතර පවතින සහයෝගිතාවන් හි ප්‍රශස්ත පදනමක් දක්නට ලැබෙන බව ද හෙතෙම පවසයි. එසේම, ගෝලීය සංවර්ධනය හා සාමය වෙනුවෙන් චීනය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත්, සිය ධුර කාලය තුළ, බ්‍රසීල-චීන පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය වඩාත් ඉහළ මට්ටමකට රැගෙන යාමට තමා සූදානම් බවත් බ්‍රසීල ජනාධිපතිවරයා කියා සිටී.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම