ඇමරිකානු යුද හමුදාවෙන් රහස්‍ය ලේඛන පිටවීමේ සිද්ධිය හා සම්බන්ධ සැකකරුවෙක් ඇමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනේ
2023-04-14 10:34:21
Share with:

ඇමරිකානු ගුවන්  හමුදා ජාතිකාරක්ෂක කණ්ඩායමේ සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනුණු බව ඇමරිකානු නීතිපති Merrick Garland මහතා අධිකරණ දෙපාර්තමේන්තුවේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

අදාළ සැකකරු රුසියානු-යුක්රේන අර්බුදය පිළිබඳ කරුණු සහිත ඇමරිකානු යුද හමුදා රහස්‍ය ලේඛන පිටවීමේ සිද්ධිය හා සම්බන්ධ  බව හෙතෙම සඳහන් කළේය. Jack Teixeira නමැති එම ඔහු "අවසරයකින් තොරව රහස්‍යමය ජාතිකාරක්ෂක තොරතුරු ඉවත් කිරීම, රැස්කිරීම සහ ප්‍රසිද්ධ කිරීම" යන ක්‍රියාවන් හි නිරත වූ බවට සැක කෙරේ. 

ඇමරිකානු යුද හමුදාවෙන් රහස්‍ය ලේඛන පිටු 100 ක් පමණ පිට වූ බව පසුගිය දා ඇමරිකානු මාධ්‍ය වාර්තා කර ඇත. රුසියානු-යුක්රේන ගැටුම පිළිබඳ කරුණු මෙන්ම  දකුණු කොරියාව  හා  ඊශ්‍රායලය යන රටවල ඉහළ මට්ටමේ නිලධාරීන් ඇමරිකානු බුද්ධි අංශයේ ඔත්තු බැලීම්වලට ලක්වන බවට සැක කෙරෙන බව ද අදාළ ලේඛනවල සඳහන් විය.

මේ අතර, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සන්නිවේදන තොරතුරු සඳහා ඇමරිකාව ඔත්තු බලන බව එම ලේඛනවල දැක්වෙතැයි පවසමින්  මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින්, ජගත් මහ ලේකම්වරයාගේ ප්‍රකාශකයා පැවසුවේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සන්නිවේදන සුරක්ෂිතභාවයට ඒ ඒ රටවල් ගරු කළ යුතු බවයි. 

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම