ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සාකච්ඡා ඇරඹෙයි
2023-04-14 16:38:30
Share with:

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා වන විශේෂ සාකච්ඡාව ජපානය, ඉන්දියාව සහ ප්‍රංශයේ මූලිකත්වයෙන් අද(14) ආරම්භ කෙරුණි. ඇමෙරිකාවේ වොෂිංටන් හි පැවැත්වෙන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික ස්ප්‍රින්ග් සමුළුව අතරතුර මෙම විශේෂ සාකච්ඡාව සිදුවිය.

ශ්‍රී ලංකාව සහ එහි සියලුම ණය හිමියන් අතර සමීප සම්බන්ධීකරණය, ණය ස්ථාවරත්වය ඇතිකිරීම සදහා විසඳුම් කඩිනමින් ක්‍රියාත්මක කිරිම ඉතා වැදගත් වන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය එහි දී පැවසුවාය.

මෙහි දී අදහස් දැක්වු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවට සිය අර්බුදයෙන් මිදීමට කඩිනම් විසඳුමක් අවශ්‍ය බවයි. සූම් තාක්ෂණය ඔස්සේ එම මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමේ කඩිනම් ප්‍රගතියක් ලබාගැනීම සඳහා ද්විපාර්ශ්වික ණය දෙන රටවල ආරම්භය මෙමගින් සනිටුහන් වන බවයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම