ගැබෝන් ජනාධිපතිවරයාගේ චීන නිල සංචාරය දෙරටේ සබඳතාවල විස්තීර්ණ හා ගැඹුරු වර්ධනයට නව ජවයක් ලබා දෙනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශය පවසයි
2023-04-14 17:02:19
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනාවකට අනුව, ගැබෝන් ජනරජයේ ජනාධිපති Ali-Ben Bongo Ondimba  මහතා ලබන 18වැනිදා සිට 21වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක් නිරත වීමට නියමිතයි.

මෙම නිල සංචාරය චීන-ගැබෝන් සබඳතාවල විස්තීර්ණ හා ගැඹුරු වර්ධනයට නව ජවයක් ලබා දෙනු ඇති අතර, දෙරටේ මිත්‍රශීලී සහයෝගීතාවය අඛණ්ඩව නව ප්‍රතිඵල අත්කර ගනු ඇතැයි, චීන පාර්ශ්වය විශ්වාස කරන බව, චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද(14) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ ය.

ජනාධිපති Ali-Ben Bongo Ondimba මහතා යනු ෂී ජින් පිං මහතා චීන ජනාධිපති ධුරයට නැවතත් පත් වීමෙන් පසු හමු වන අප්‍රිකා රටක පළමු නායකයායි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම