චීනයේ ශක්තිමත් ආර්ථික ප්‍රබෝධය අනෙකුත් රටවලට වැඩි අවස්ථා නිර්මාණය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය පවසයි
2023-04-14 20:26:30
Share with:

මේ වසරේ දී චීනය ගෝලීය වර්ධනයෙන් තුනෙන් එකක පමණ දායකත්වයක් ලබා දෙන බවත්, ඒ හරහා අනෙකුත් රටවලට වැඩි අවස්ථා නිර්මාණය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ Kristalina Georgieva මහත්මිය ඊයේ(13) ගෝලීය ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය පිළිබඳ වූ මාධ්‍ය හමුවවේ දී කියා සිටියා ය.ඒ අනුව ඉදිරි ගෝලීය වර්ධනය ප්‍රවණතාවයන් සලකා බලන විට චීනය සියයට 1කට වැඩි දායකත්වයක් පෙන්නුම් කරන අතර, ඒ හා සම්බන්ධ ආර්ථිකයන් සියයට 0.3කට වැඩි වර්ධනයක් දක්වා පරිවර්තනය වන බව ද ඇය පැවසුවා ය.

මේ වසරේ චීන ආර්ථිකය සියයට 5.2කින් පමණ ශක්තිමත්ව වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇති අතර, එය චීනයේ දේශීය අපේක්ෂිත අගය වූ සියයට 5ට වඩා ඉහළ බව ද ජෝර්ජිවා මහත්මිය ප්‍රකාශ කළා ය.

මෑතකදී ඇය සිදු කළ චීන සංචාරය ඉතා ඵලදායී බව සිහිපත් කළ ජෝර්ජිවා මහත්මිය, අග්‍රාමාත්‍ය Li Qiang මහතා සහ අනෙකුත් නායකයින් හමුවීමටත්, ලෝක ආර්ථිකයේ අපේක්ෂාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබුණු බවත් සඳහන් කළාය. චීනයේ ආර්ථිකයට මෙන්ම අඩු ආදායම්ලාභී රටවලට සහය දැක්වීම සම්බන්ධයෙන් චීනයට ඇති වැදගත්කම ද ඇය අවධාරණය කළා ය. චීනය යළි විවෘත කිරීම සහ ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රශංසා කළ ඇය, එමඟින් චීනයේ වර්ධනීය අපේක්ෂාවන් තවදුරටත් ශක්තිමත් කළ හැකි බව පැවසුවාය. ආර්ථිකය නැවත ප්‍රකෘතිමත් වන විට එහි සාර්ථකත්වය සියැසින් දුටු බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම