ප්‍රජාතන්ත්‍රවාදී නායක සමුළු පවත්වමින් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම ප්‍රජාතන්ත්‍රවාදී නාමයට කරන නිගරුවක්
2023-04-13 10:59:03
Share with:

ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලෙස හඳුන්වා ගනිති. පොදු වශයෙන් රටක මිනිසුන්ගේ සතුට සහ අභිමානය රැකගෙන ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැඟීම මෙන්ම අනෙකුත් රටවල ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කිරීමද ප්‍රජාතන්ත්‍රවාදය සුරකින රටක ලක්ෂණයක් විය යුතු බව ප්‍රවීණ මාධ්‍යවේදිනී මයුරි වානගුරු මෙනවිය පවසයි.

තුන්වන ලෝකයේ මෙන්ම බටහිර රටවල බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදය නාමයෙන් ප්‍රභූතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වේ. මේ ප්‍රභූතන්ත්‍රවාදය තුළ රටේ ජනතාවට අවශ්‍ය අබිලාෂයන් නොව පාලකයින්ගේ පටු අවශ්‍යතා ඉටු කරගැනීමේ මෙහෙයුමක නිරතව සිටී. අනෙක් රටවල් යටත් කර ගැනීමට පාලනයට සහ වෙනත් රටවල අභ්‍යන්තර කටයුතු සඳහා අත පෙවීම් සිදු කිරීම කිසිඳු ආකාරයකින් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් සහිතව ක්‍රියාත්මක වන රටකට උචිත නොවේ. නමුත් ගෝලීය දේශපාලනය තුළ කෙතරම් අනෙක් රටවල කටයුතු සඳහා අත පෙවීම් සිදු කරනවාද යන්න චීනයේ තායිවානය පිළිබඳව ඇමරිකාවේ ක්‍රියා පිළිවෙතින් පෙනෙන්නට ඇති බවද වානගුරු මෙනවිය පැවසීය.

චීනයේ හොංකොං, මැකෞ මෙන්ම තායිවානයද එකම චීනය ප්‍රතිපත්තියේ සිට ක්‍රියාත්මක වේ. එයට බාහිර මැදිහත්වීම් සිදු කරන්නේ කිසියම් වෙනත් අරමුණක් ඉටු කරගැනීමේ අවශ්‍යතාවයෙන් බව පෙනෙන්නට තිබේ. එනම් චීනය කෙතරම් ආර්ථික වශයෙන් දිනෙන් දින ඉදිරියට යනවාද, ජාත්‍යන්තර වශයෙන් අනෙකුත් රටවල් සමඟ කෙතරම් සබඳතා වර්ධනය කර ගනිමින් සිටිනවාද යන කාරණා දරා ගැනීමට නොහැකි තැන ඇමරිකාව චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් ගැටළු ඇති කිරීමට උත්සාහ කරන බවක් පෙනේ. ඇමරිකාව ලොවට පෙනෙන්නට ප්‍රජාතන්ත්‍රවාදී නායක සමුළු පවත්වමින් අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතු කෙරෙහි අත පෙවීම් සිදු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයට නිගරු කිරීමක් බව ද ප්‍රවීණ මාධ්‍යවේදිනී මයුරි වානගුරු මෙනවිය පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම