තවත් හෝරා කිහිපයකින් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදා වේ
2023-04-13 15:52:24
Share with:

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උදාවට ඇත්තේ තවත් හෝරා කිහිපයකි. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රාජකාරී කටයුතු සිදුකරන විශාල පිරිසක් තම ගම්බිම් බලා යාම සඳහා ඊයේ රාත්‍රියේ මෙන්ම අද අලුයමත් කොළඹ මධ්‍යම බස් නැවතුම්පලට සහ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් පර්යන්තයට පැමිණි බව වාර්තා වේ. මීට අමතරව කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ද මගී ජනතාව අද අලුයම පැමිණ සිටි අතර ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කළේ සියලු ජනතාවට කිසිදු ගැටලුවකින් තොරව ගම්බිම් බලා යාම සඳහා ප්‍රවාහන පහසුකම් සැලසූ බවයි.

 මේ අතර අප්‍රේල් 14 වන සිකුරාදා එනම් හෙට දින අපරභාග 02.59ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි. හෙට පූර්වභාග 08.35 සිට අපරභාග 09.23 දක්වා පුණ්‍ය කාලය යෙදී තිබේ. නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ ආහාර පිසීමේ නැකත අපරභාග 03.29ටත්, වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අපරභාග 05.05ටත් යෙදී ඇති බවයි. හිසතෙල් ගෑමේ චාරිත්‍රය 16 වන ඉරුදින පූර්වභාග 09.41ටත් රැකී රක්ෂා සඳහා පිටත්ව යාම අප්‍රේල් 17 වැනි සඳුදා පූර්වභාග 06.28ටත් යෙදී තිබේ.

මේ අතර සිංහළ සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අද සහ හෙට යන දෙදින තුළ දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

 මීට අමතරව අද දිනයේ සිට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් හට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම