අරාබි රටවල එක්සත්භාවය වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරන බව චීනය පවසයි
2023-04-13 17:32:16
Share with:

අරාබි රටවල් අතර ශක්තිමත් සමගියක් ඇති කිරීම සඳහා අඛණ්ඩව ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කිරීමට කැමැත්තෙන් සිටින බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද (13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය.

වසර ගණනාවක් තිස්සේ යේමනයේ පවතින ගැටුම අවසන් කිරීම සඳහා සෞදි අරාබිය සහ ඕමානය, යේමනයට ඒකාබද්ධ නියෝජිත කණ්ඩායමක් යවා එහි Houthi කණ්ඩායම සමග සාකච්ඡා පවත්වා තිබෙන බව වාර්තා විය.

සංවාදය සහ සාකච්ඡාව මගින් යේමන ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා ගැනීමට චීනය අදාළ විවිධ පාර්ශ්වයන්ට සහය දක්වන බව Wang Wenbin මහතා එහි දී සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම