ඇමරිකානු හමුදා ලේඛන කාන්දු වීම සම්බන්ධයෙන් චීනය අදහස් දක්වයි
2023-04-13 10:10:55
Share with:


ඇමරිකානු හමුදා ලේඛන කාන්දු වීම සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වයි. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා ඊයේ (12) ප්‍රකාශ කළේ,මෙම කාන්දු වූ ඇමරිකානු හමුදා ලේඛනවලින් ඇමරිකාව යුක්රේන අර්බුදයට දැඩි ලෙස සම්බන්ධ බව‍ට බොහෝ මාධ්‍ය පෙන්වා දී තිබීම චීනයේ අවධානයට ලක්ව ඇති බවයි. එසේම, ඇමරිකාව තම මිත්‍ර රටවල් ඇතුළුව ලෝකයේ සියලුම රටවල් ඉතා සූක්ෂම ලෙස තොරතුරු සොරකම් කිරීම, නිරීක්‍ෂණය කිරීම සහ ඔත්තු බැලීම සඳහා දිගු කලක් තිස්සේ එහි තාක්‍ෂණික වාසි භාවිත කර ඇති බව ද එය නැවත වරක් පෙන්නුම් කර ඇත. ඇමරිකාව මේ පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවට පැහැදිලි කළ යුතු බව Wang Wenbin මහතා අවධාරණය කළේය.

මෑතකදී, බොහෝ සමාජ මාධ්‍යවල ඇමරිකානු හමුදා රහස් ලේඛන සමූහයක් පළ විය. කාන්දු වූ ලේඛනවල අන්තර්ගතයට අනුව, ඇමරිකානු ආණ්ඩුව රුසියාව සහ යුක්රේනය අතර ගැටුමට ගැඹුරින් මැදිහත් වූවා පමණක් නොව, ඊශ්‍රායලය, දකුණු කොරියාව ඇතුළු සන්ධාන රටවල් සමීපව නිරීක්ෂණය කිරීම සහ අධීක්ෂණය කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කළේය. ඇමරිකානු හමුදා විශේෂඥ ජැක් මිඩ්ග්ලි මහතා පැවසුවේ රුසියාව සහ යුක්රේනය අතර ගැටුමේ ගාමක බලවේගය ඇමරිකාව බව ලේඛනවලින් පෙන්නුම් කරන බවයි. ලේඛන කාන්දු වූ මූලාශ්‍රය සහ විෂය පථය සොයා ගැනීමට නොපසුබස්නා උත්සාහයන් දරන බව පසුගිය 11වැනිදා, ඇමරිකානු ජාතිකාරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා ප්‍රකාශ කොට තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම