චීන ලක්ෂණවලින් යුත් නවීකරණය ඉදිරියට ගෙන යමින් සිටින වත්මන් කාලයේ Guangdong පළාතේ භූමිකාව වඩාත් වැදගත් වන බව චීන ජනපති කියයි
2023-04-13 20:23:48
Share with:

                 

                 පසුගිය 10වැනි දා සිට 13වැනි දා දක්වා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Guangdong පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. හෙතෙම එම පළාතේ Zhan jiang, Mao ming සහ Guangzhou යන නගර තුනට ගොස් එහි සංවර්ධන තත්ත්වයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් සොයා බලා ඇත.

                දකුණු චීනයේ පිහිටි Guangdong පළාතට චීන ජාතික සංවර්ධන ක්‍රියාදාමයේ සුවිශේෂී ස්ථානයක් හිමි වේ. මීට දශක 4කට වැඩි කාලයකට පෙර චීනය ප්‍රථමයෙන් ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවාලීමේ දී Guangdong පළාත නියමු ප්‍රදේශයක් වශයෙන් පෙරමුණ ගෙන තිබිණ. චීන ලක්ෂණවලින් යුත් නවීකරණය ඉදිරියට ගෙන යමින් සිටින වත්මන් කාලයේ එම පළාතේ භූමිකාව වඩාත් හොඳින් ඉස්මතු වී තිබේ.

                 ෂී ජින් පිං ජනාධිපතිවරයා පළමුව Guangdong පළාතේ Zhanjiang නගරයට ගොස්, එහි සමුද්‍ර ධීවර කර්මාන්තයන්හි සංවර්ධනයේ වර්තමාන තත්ත්වය, ‍කඩොලාන වනාන්තර ආරක්ෂා කිරීම,  ප්‍රවාහන යටිතල පහසුකම්වල අන්තර් සම්බන්ධතා මට්ටම වැඩි දියුණු කිරීම, Guang dong පළාත හා Hainan පළා‍ත ඒකාබද්ධව සංවර්ධනය කිරීම සහ ජල සම්පත් වඩාත් කාර්යක්ෂම ව  කළමනාකරණය කිරීම යන කරුණු පිළිබඳව අවධානය යොමු කර තිබේ. Maoming නගරයේ දී චීන ජනාධිපතිවරයා එම නගරයේ ලිචී වගාවන් හා අදාළ දේශීය රෝපණ කර්මාන්ත නිරීක්ෂණය කළේ ය. එම ප්‍රදේශයේ ලිචී වගාවේ දියුණුවට ආවේණික ලක්ෂණ සහ වාසිදායක පරිසරයක් නිර්මාණය වී ඇති බැවින් ලිචී වගා කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් ග්‍රාමීය පුනර්ජීවනය ළඟා කර ගත හැකි බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේ ය. Guangdong පළාතේ අගනුවර වන Guangzhou නගරය චීන ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ චාරිකාවේ අවසාන ගමනාන්තයයි. Guangzhou හි LG ප්‍රදර්ශන නිෂ්පාදන මධ්‍යස්ථානය, සීමා සහිත GAC AION නව බලශක්ති මෝටර් රථ සමාගම ඔහුගේ නිරීක්ෂණයට ලක් විය. Guangzhou නගරයේ උසස් මට්ටමේ විවෘතභාවය හා එහි නිෂ්පාදන කර්මාන්තයේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ තත්ත්වය හෙතෙම විමසීය. එම ව්‍යාපාරවල විද්‍යා තාක්ෂණ නවෝත්පාදනය ඉදිරියට පවත්වා ගනිමින්, ස්වයං වෙළඳ සන්නාම ගොඩනැගීම පිළිබඳව ද ඔහු අවධානය යොමු කර ඇත. චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණයට ඉලක්ක, සැලසුම් සහ උපාය මාර්ග තිබෙන බව Guangzhou නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ දී හෙතෙම ප්‍රකාශ කළේ ය. චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය, බටහිර නවීකරණයට සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර චීනයට බටහිර නවීකරණයේ මෙන් ධ්‍රැවීකරණයේ සහ අනෙකුත් රටවල් කොල්ලකෑමේ මාවත අනුගමනය කළ නොහැකි බව හෙ‍තෙම එහිදී අවධාරණය කර ඇත.

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම