චීනය සමග එක්ව ද්විපාර්ශ්වික සම්බන්ධතා වඩාත් ඉදිරියට ගෙන යාමට කැමති බව බ්‍රසීල ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා පවසයි
2023-04-13 20:54:34
Share with:

               චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික වං යී මහතා බ්‍රසීල ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක Celso Amorim මහතා හමු‍ වේ.

               එම හමුව අද(13) බෙයිජිං හි දී පැවැත්විණ. බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතාගේ එළඹෙන චීන සංචාරය දෙරටේ සම්බන්ධතා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් බව වං යී මහතා එහිදී කියා සිටියේ ය. චීනය සැමවිටම බ්‍රසීලය සමග පවතින සම්බන්ධතා වැදගත් කොට සලකන බවත්, දෙරට අතර පවතින විස්තීරණ උපාය මාර්ගික හවුල්කාරිත්වයට විශාල විභවයක් සහ පුළුල් අපේක්ෂාවන් තිබෙන බවත්, වං යී මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

                වර්තමානයේ පවතින ගෝලීය අභියෝග හමුවේ සංවර්ධනය වෙමින් පවතින රටවල් පෙර නොවූ විරූ අන්දමින් එකමුතුවෙන් සිටිය යුතු බව Celso Amorim මහතා එම හමුවේ දී පැවසීය. ජාත්‍යන්තර කටයුතුවල දී චීනය වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටී. මෑතකදී චීනයේ මැදිහත්වීම හේතුවෙන් සෞදි අරාබිය හා ඉරානය අතර සංවාද පවත්වා ද්විපාර්ශ්වික සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට හැකි වී තිබේ. එය චීනයේ කාර්යභාරයේ මනා පිළිබිඹුවක් බව ඔහු කියාසිටී. චීනය සමග එක්ව ද්විපාර්ශ්වික සම්බන්ධතා වඩාත් ඉදිරියට ගෙන යාමට බ්‍රසීලය කැමති බව ද Celso Amorim මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම