චීන-ලාඕස ජාත්‍යන්තර මගී දුම්රිය මාර්ගය ආරම්භ කිරීම දෙරට අතර පොදු සංවර්ධනයට නව ප්‍රබෝධයක් ලබා දෙන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
2023-04-13 20:28:17
Share with:

අද(13) සිට, චීන-ලාඕස දුම්රිය මාර්ගයේ චීනයේ Kunming සහ ලාඕසයේ Vientiane අතර ද්වි-මාර්ග ජාත්‍යන්තර මගී දුම්රිය නිල වශයෙන් ආරම්භ වේ. මෙය චීනය හා ලාඕසය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයට සහ පොදු සංවර්ධනයට නව ප්‍රබෝධයක් ලබා දෙනු ඇති බව, චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා පෙන්වා දුන්නේ, පසුගිය 9වැනිදා වන තෙක්, චීන-ලාඕස දුම්රිය මගීන් මිලියන 13.93ක් සහ භාණ්ඩ ටොන් මිලියන 18.38ක් ප්‍රවාහනය කර ඇති බවයි. චීන-ලාඕස දුම්රිය යනු චීනය සහ ASEAN සංවිධානය "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළට ඒකාබද්ධව ගොඩනැඟන හා කලාපීය ආර්ථික ඒකාබද්ධතාවය පොදුවේ ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධානම සංකේතයකි.

මෙම වසර චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමේ 10 වැනි සංවත්සරය බව, Wang Wenbin මහතා සඳහන් කළේ ය. ASEAN සංවිධානය "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළේ සාර්ථකත්වය වෙනුවෙන් දායක වූ ප්‍රමුඛ දිශාවක් හා වැදගත් හවුල්කරුවෙකු ලෙස, චීනය සෑම විටම සලකයි. චීන මාදිලියේ නවීකරණය මගින් ඇති කරන ලද නව අවස්ථා චීනය අඛණ්ඩව ආසියාන් රටවල් සමග බෙදා ගනු ඇතැයි, ඔහු එහි දී පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම