චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණයට ඉලක්ක, සැලසුම් සහ උපාය මාර්ග තිබෙන බව චීන ජනාධිපතිවරයා පවසයි
2023-04-13 16:05:14
Share with:

චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණයට ඉලක්ක, සැලසුම් සහ උපාය මාර්ග තිබෙන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි. හෙතෙම ඊයේ(12) චීනයේ Guangzhou නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළේය.

ෂී ජින් පිං මහතා Guangzhou මෝටර් රථ සමූහයට අයත් මෝටර් රථ ඉංජිනේරු පර්යේෂණ ආයතනය නිරීක්ෂණය කළේය. හෙතෙම එහිදී විද්‍යාත්මක පර්යේෂකයින්, ව්‍යවසායකයින්, සේවකයින් සහ විදේශීය ව්‍යවසායන්හි නියෝජිතයන් සමග සුහදව අදහස් හා යෝජනා හුමවාරු කර ගත්තේය.

චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය, බටහිර නවීකරණයට සම්පූර්ණයෙන්ම අසමාන වන අතර චීනයට බටහිර නවීකරණයේ මෙන් ධ්‍රැවීකරණයේ සහ අනෙකුත් රටවල් කොල්ලකෑමේ මාවත අනුගමනය කළ නොහැකි බව ෂී ජින් පිං මහතා පෙන්වා දී තිබේ. චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය, චීනයේ සැබෑ තත්ත්වයන්ට අනුකූල වන අතර එයට ඉලක්ක, සැලසුම් සහ උපාය මාර්ග තිබෙන බව ද හෙ‍තෙම එහිදී අවධාරණය කළේය.



ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම