චීනයේ ශක්තිමත් ආර්ථික වර්ධනය ගෝලීය ආර්ථික වර්ධනය ඉහළ නංවනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පුරෝකථනයක්
2023-04-13 10:17:06
Share with:

 චීන ආර්ථිකයේ ප්‍රබල වර්ධනය ගෝලීය ආර්ථිකයට සහාය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

මෙම වසරේ චීන ආර්ථික වර්ධන අනුපාතය සියයට 5.2ක් වන බවට පසුගිය 11වනදා  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නවතම ‘ලෝක ආර්ථික ඉදිරි දැක්ම වාර්තාව’ පළ කරමින් තක්සේරු කරයි.

ප්‍රබල ආර්ථික වර්ධන ප්‍රවණතාවක් පෙන්නුම් කරන චීනය අඛණ්ඩව  ගෝලීය ආර්ථික වර්ධනයට දායක වන වැදගත් බලවේගයක් වන බව එම අරමුදලේ ආර්ථික උපදේෂක, අධ්‍යයන අංශ අධ්‍යක්ෂ Pierre-Olivier Gourinchas මහතා චීන මාධ්‍ය සමූහයේ මාධ්‍ය වේදියෙකු සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේය. චීන ආර්ථික වර්ධනය සෙසු රටවලට ධාරිතාව ඉක්මවා යන බලපෑමක් ඇති කරනු ඇතැයි ද ඔහු කීය.

ඇමරිකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වන බවත් උද්ධමන මට්ටම වේගවත් පහල යාමක් පෙන්නුම් නොකරන බවත් ඔහු විග්‍රහ කර ඇත. ඒ අනුව ඇමරිකාව ඉදිරි වසර කිහිපයේදී ආර්ථික අවපාතයකට ලක් වන බව ද ඔහු ඇස්තමේන්තු පළ කළේය.  

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම