බහරේන-කටාර් රා‍ජ්‍ය තාන්ත්‍රික සබඳතාව යළි ආරම්භ කිරීමට පියවර
2023-04-13 09:12:25
Share with:

බහරේන-කටාර් රා‍ජ්‍ය තාන්ත්‍රික සබඳතාව යළි ආරම්භ කිරීමට දෙරට තීරණය කරති.

දෙරටේ නියෝජිත කණ්ඩායම් ඊයේ (12) සෞදි අරාබියේ රියාද් අගනගරයේ පිහිටි ගල්ෆ් අරාබි රාජ්‍ය සහයෝගතා කවුන්සිල ලේකම් කාර්යාලයේදී රැස්වීමක් පැවැත්වූහ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ විධිවිධාන අනුගමනය කරමින් අන්‍යෝන්‍ය ස්වෛරීත්වයට සහ ස්වාධීනත්වයට ගරු කරන බව දෙපාර්ශ්වය තීරණය කර ඇත. සාධාරණව ද්විපාර්ශ්වික සබඳතා සංවර්ධනය කිරීම සහ එම කවුන්සිලය තුළ සමගිය පවත්වා ගැනීම සඳහා රා‍ජ්‍ය තාන්ත්‍රික සබඳතාව යළි ආරම්භ කිරීමට දෙරට එහිදී තීරණය කළහ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම