ඇමරිකාවේ රහස් හමුදා ඔත්තු ලේඛන 100කට වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලයෙන් හමුවෙයි
2023-04-13 15:22:21
Share with:

පසුගිය මාර්තු මස ආරම්භයේ සිට ඇමරිකාවේ ඉහළ මට්ටමේ රහස් හමුදා ඔත්තු ලේඛන 100කට වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලයේ පළ වී තිබේ. රුසියා යුක්රේන අර්බුදයට ඇමරිකා රජය ගැඹුරින් මැදිහත් වීම, යුක්රේනය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය ඇතුළු රටවල නායකයන් සමීපව නිරීක්ෂණය කරමින් රහසින් කුමන්ත්‍රණය කිරීම ඇතුළු අන්තර්ගතයන් එම ලේඛන වලට ඇතුළත් ය. රුසියා යුක්රේන අර්බුයේ තත්ත්වය ඇමරිකාව පාලනය කිරීමට ඇති කැමැත්ත හා සන්ධාන රටවල් ඇතුළු ඕනෑම රටකට ඇමරිකාව විශ්වාස නොකිරීමට කරුණු එම තොරතුරු වලින් පැහැදිලිව දැකිය හැකි ය.

ඓතිහාසික වශයෙන් බලන විට ආධිපත්‍යවාදී චින්තනයේ මිත්‍ර පාක්ෂිකයන් පිළිබඳ සැබෑ සංකල්පයක් කිසිදා නොතිබුණි. සිය රටේ නිරපේක්ෂ ආරක්ෂාව වෙනුවෙන් මූලික වශයෙන් සන්ධාන රටවල් වෙත පාලනය ශක්තිමත් කිරීම ඇමරිකාවේ විසඳුමක් බවට පත්ව තිබේ. එබැවින් රහසින් කුමන්ත්‍රණය කිරීම අත්‍යවශ්‍ය ක්‍රමයක් බවට පත්ව ඇත.

එමෙන්ම රහසින් කුමන්ත්‍රණය කරමින් ඔත්තු බැලීම, ගෝලීය වශයෙන් ඇමරිකාව ප්‍රතිලාභ ලබා ගැනීමේ ක්‍රමයකි. ඇමරිකාවේ මධ්‍යම ‍බුද්ධි ඒජන්සියේ(Central Intelligence Agency) හිට‍පු අධ්‍යක්ෂ James Woolsey පිළි ගෙන ඇත්තේ සෞදි අරාබියට අවශ්‍ය වැදගත් ඇණවුමක් යුරෝපයේ Airbus සමාගම වෙනුවට ඇමරිකාවේ Boeing සමාගමෙන් ලබා  ගැනීම  සඳහා උපකාර කිරීමට එම ඒජන්සිය තොරතුරු ලබා දුන් බවයි.

ඇමරිකාවට සිය ආත්ම කේන්ද්‍රීයත්වය හමුවේ රටවල් අතර මිතුදම ඕනෑම වෙලාවක අත්හැරිය හැකි දෙයකි. ඇමරිකාවේ සතුරෙකු වීම අනතුරුදායක වුවද ඇමරිකාවේ මිතුරෙකු වීම වඩාත් මාරාන්තික බව ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් Henry Kissinger පවසා ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම