අර්බුදයෙන් මිදීමට සාමුහිකව සිය කාර්යභාරයන් නිසි ලෙස ඉටුකළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව පවසයි
2023-04-12 16:54:50
Share with:

ආර්ථික අර්බුදයේ දී මුහුණදෙන දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත්ව සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය පවසයි. ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කර ඇත්තේ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒකාබද්ධව වොෂින්ටන් හි පවත්වනු ලබන ස්ප්‍රිං සමුළුව අතරතුර මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඇතුළු නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදීය.

‍ශ්‍රී ලංකාවට අර්බුදයෙන් මිදීම සඳහා සියල්ලන් එක්ව ඔවුන්ගේ කාර්යභාරයන් නිසි පරිදි ඉටුකිරීම මේ මොහොතේ ඉතා වැදගත්වන බව ද ඇය ප්‍රකාශ කර ඇත. මෙම සාකච්ඡාවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු ද එක් වූහ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම