චීනයේ නිෂ්පාදිත පළමු කෲස් නෞකාව නිල වශයෙන් භාරදීමට සූදානම්
2023-04-12 09:33:16
Share with:

චීනයේ නිෂ්පාදිත පළමු විශාල පරිමාණ කෲස් නෞකාව නිල වශයෙන් භාරදීමට අවශ්‍ය කටයුතු සූදානම් කෙරේ.

මේ සඳහා විවිධ අත්හදාබැලීම් මේ දිනවල සිදුකෙරෙමින් පවතී. ලොව වඩාත් සංකීර්ණ තනි විද්‍යුත් යාන්ත්‍රික නිෂ්පාදනයක් වන මෙම විශාල නෞකාවේ කොටස් මිලියන 25 ක් පමණ තිබීම විශේෂත්වයකි.

චීන රාජ්‍ය නෞකා නිෂ්පාදන සංස්ථාව සහ ප්‍රංශයේ CMA-CGM සමාගම බෙයිජිංහි දී නිල සහයෝගිතා ගිවිසුමකට අත්සන් තබා ඇත. යුවාන් බිලියන 21 කට වඩා වැඩි පිරිවැයක් සහිත වර්ග 2 ක විශාල බහාලුම් නෞකා 16 ක් නිෂ්පාදනය කිරීම එම ගිවිසුමට ඇතුළත් වේ. චීනයේ නෞකා නිෂ්පාදන කර්මාන්තයේ එකවර ගිවිසුම්ගත වූ ඉහළම බහාලුම් නෞකා සංඛ්‍යාව ලෙස එය නව වාර්තාවක් ද පිහිටුවා ඇත.

මේ වසරේ මුල් මාස දෙක තුළ, චීනයේ නෞකා නිෂ්පාදන කර්මාන්තය ලද නව ඇණවුම් ප්‍රමාණය ගෝලීය වෙළඳපොළ කොටසෙන් 62.8% කි. මෙවැනි අධිතාක්ෂණික නෞකා, චීනයේ නෞකා නිෂ්පාදන කර්මාන්තයේ අධිගුණාත්මක සංවර්ධනයේ නව ප්‍රවණතාවක් බවට පත්ව තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම