ගෝලීය මූල්‍ය පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව බහුවිධ පරීක්ෂණවලට මුහුණ පාන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
2023-04-12 09:20:06
Share with:

2022 වසරේ ඔක්තෝබර් මාසයේ ගෝලීය මූල්‍ය ස්ථායිතා වාර්තාව නිකුත් කිරීමෙන් පසු, මූල්‍ය ස්ථායිතා අවදානම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියාසිටී. එම අරමුදල ඊයේ (11) සිය ගෝලීය මූල්‍ය ස්ථායිතා වාර්තාව යාවත්කාලීන කරමින්  මේ බව පෙන්වා දුන්නේය. එසේම, ගෝලීය මූල්‍ය පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව බහුවිධ පරීක්ෂණවලට මුහුණ පා ඇති බව ද එම වාර්තාවේ දැක්වෙයි.

මූල්‍ය වෙළඳපොළවල ආතතිය මහ බැංකුවල කාර්යයන්  සංකීර්ණ කිරීම හේතුවෙන්, පාලනයකින් තොරව අඛණ්ඩව ඉහළ යන උද්ධමනය හමුවේ පොළී අනුපාත ඉහළ නැංවීමට ගත් තීරණය පවත්වාගෙන යා යුතු බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රධානි Tobias Adrian මහතා පවසා ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම