අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා
2023-04-12 16:55:36
Share with:

අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා ගමන් කරන ජනතාව වෙනුවෙන් අද(12) දිනයේදීත් විශේෂ පෞද්ගලික බස්රථ සේවාවන් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ ජනතාවගේ ගමන් පහසුව සඳහා අමතර බස් රථ 300කට අධික ප්‍රමාණයක් යොදවා ඇති බවයි.

එමෙන්ම අලුත් අවුරුද්ද වෙනුවෙන් අතිරේක බස්රථ ධාවනයට යෙදවීමට ලංකා ගමනාගමන මණ්ඩලය ද සැලසුම් කර ඇති බව එහි සාමාන්‍යාධිකාරී පණ්ඩුක සවර්ණහංස මහතා සඳහන් කළේය.

මේ අතර සමස්ථ ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ දුර ගමන් සේවා බස්රථ සාමාන්‍ය පරිදි 13 වනදා දක්වා ක්‍රියාත්මක බවයි. එමෙන්ම අද දිනයේදීත් අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම