චීන මාධ්‍ය සමූහය චීන Huazhong විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සමග පූර්ණ උපායමාර්ගික සහයෝගීතාවයකට එළඹෙයි
2023-04-12 19:09:10
Share with:

චීන මාධ්‍ය සමූහය චීන Huazhong විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සමග පූර්ණ උපායමාර්ගික සහයෝගිතාවයකට එළඹෙයි. දෙපාර්ශ්වය අද (12) ඊට අදාළ ගිවිසුමට අත්සන් තබා ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ‍ජනරාල් ශෙන් හයි ශියොං මහතා සහ චීන Huazhong විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ කොමියුනිස්ට් පක්ෂ ශාඛාවේ මහ ලේකම් ලි යුවන් යුවන් මහතා ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයට එක් වූහ.

මීට සමගාමී ව චීන මාධ්‍ය සමූහයේ සහ චීන Huazhong විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ “තොරතුරු ගබඩා කිරීම් පිළිබඳ ඒකාබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානය ”සහ “අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ ඒකාබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානය ”ද ඔවුන් අතින් විවෘත විය.

එම ගිවිසුමට අනුව චීන මාධ්‍ය සමූහය සහ චීන Huazhong විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය ඒකාබද්ධ ව තොරතුරු ආරක්ෂණ ක්ෂේත්‍රයේ සහයෝගිතා වේදිකාවක් ගොඩනගනු ඇත. විද්‍යා තාක්ෂණික නවොත්පාදනය පදනම් කරගෙන තම ආයතනය නිරත ක්ෂේත්‍රවලට අදාළව නවෝත්පාදන පද්ධති ගොඩ නගමින් රට හා ජනතාවට ඉහළ සේවා සපයන විද්‍යා තාක්ෂණික ප්‍රවීණයන් කණ්ඩායමක් බිහි කිරීමට එම ද්විපාර්ශ්වික සහයෝගිතාව මගින් අපේක්ෂා කෙරේ.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම