චීන විදේශ අමාත්‍යවරයා සහ එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු ප්‍රධානියා අතර හමුවක්
2023-04-12 18:47:01
Share with:

චීන රාජ්‍ය මණ්ඩ‍ලයේ සාමාජික විදේශ අමාත්‍ය Qin Gang මහතා ඊයේ(11) බෙයිජිං හි දී දේශපාලන හා සාමය ගොඩනැගීමේ කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් Rosemary A. DiCarlo  මහත්මිය හමුවිය.

මානව වර්ගයා සඳහා හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම උදෙසා කටයුතු කරන චීනය පුළුල් අයුරින් එක්සත් ජාතීන්ගේ කාර්යයන්ට සහයෝගය ලබා දී ඇත. එමෙන්ම ජාත්‍යන්තර වගකීම් නිසි ලෙස ඉටුකර ඇති බවත්, සහයෝගීතාවය උදෙසා ක්‍රියාකාරීව පෙනීසිටිමින්, ගෝලීය පොදු අවශ්‍යතාවයන් සඳහා ද දායකත්වය ලබා දී ඇති බව Qin Gang  මහතා එහි දී ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර සහ කලාපීය ගැටළු විසඳීමේ දී චීනය සාධනීය කාර්යභාරයක් ඉටු කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට විශාල සහයෝගයක් ලබා දීමට බලාපොරොත්තු වේ.  එමෙන්ම ලෝක සාමය පවත්වා ගැනීම සහ පොදු සංවර්ධනය ළඟා කර ගැනීමේ දී ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්වසනීය හවුල්කරුවෙකු ලෙස කටයුතු කිරීමට සූදානම් බව ද හෙතෙම පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය චීනය සමඟ පවතින සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත්,  ජාත්‍යන්තර හා කලාපීය ගැටළුවල දී ඒකාබද්ධ විසඳුම් යෝජනා කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද  DiCarlo  මහත්මිය එහි දී අදහස් පළ කරමින් කියා සිටියාය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම