චීනයේ තායිවාන ප්‍රදේශය චීන මහ ගොඩබිමට එරෙහි වෙළඳ සීමා කිරීම් පිළිබඳව චීන වාණිජ අමාත්‍යංශය‍ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරයි
2023-04-12 18:58:30
Share with:

ආහාර ද්‍රව්‍ය, දේශීය නිෂ්පාදන හා සත්ව අතුරු නිෂ්පාදන ආනයනය හා අපනයනය සඳහා වන චීන වාණිජ මණ්ඩලය, ලෝහ, ඛනිජ හා රසායනික ආනයනය හා අපනයනය සඳහා වන චීන වාණිජ මණ්ඩලය සහ රෙදිපිළි, ඇඟලුම් ආනයනය හා අපනයනය සඳහා වන චීන වාණිජ මණ්ඩලය, පසුගිය 17වැනිදා චීන වාණිජ අමාත්‍යංශය‍ වෙත, වෙළඳ බාධක විමර්ශනය සඳහා ඉල්ලුම් පත්‍ර නිල වශයෙන් ඉදිරිපත් කර තිබේ. චීනයේ තායිවාන ප්‍රදේශය චීන මහ ගොඩබිමට එරෙහි වෙළඳ සීමා කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳව වෙළඳ බාධක පරීක්ෂණයක් සිදු කරන ලෙස එම අයදුම්කරුවන් ඉල්ලා සිටියහ.

අදාළ රෙගුලාසිවලට අනුව, විමර්ශන ක්‍රියාමාර්ග සඳහා වන අයදුම්පතට සම්බන්ධ නිෂ්පාදන පිළිබඳව මෙන්ම, විමර්ශන පියවර සඳහා අයදුම් කිරීමේ සෘණ වෙළඳ බලපෑම් හා ඊට අදාළ සාක්ෂි පිළිබඳව, චීන වාණිජ අමාත්‍යංශය‍ සමාලෝචනයක් පවත්වා තිබේ.

චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ වෙළඳ නීතියේ 36 වැනි වගන්තිය සහ 37 වැනි වගන්තිය අනුව සහ විදේශ වෙළඳ බාධක පිළිබඳ විමර්ශන රීතීන් හි 12 වැනි වගන්තිය අනුව, අද(12) සිට චීනයේ තායිවාන ප්‍රදේශය චීන මහ ගොඩබිමට එරෙහි වෙළඳ සීමා කිරීම් පිළිබඳව වෙළඳ බාධක පරීක්ෂණයක් ආරම්භ කිරීමට චීන වාණිජ අමාත්‍යංශය‍ තීරණය කළේ ය.

 

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම