ඇමරිකාව යුක්රේන ජනපති පිළිබඳව ඔත්තු බලන බවට අනාවරණය වීම බැහැර කළ නොහැකි බව රුසියාව පවසයි
2023-04-12 09:17:05
Share with:

සිය මිත්‍ර රටවල අඛණ්ඩව ඔත්තු බලන ඇමරිකාව යුක්රේන ජනාධිපතිවරයා පිළිබඳවත් ඔත්තු බැලීමේ ඉඩක් පවතින බව රුසියානු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් Dmitry Peskov මහතා කියාසිටී.  

පසුගිය දා විවිධ සමාජ මාධ්‍යයන්හි ඇමරිකානු යුද හමුදාවෙන් පිට වූ රහස්‍ය ලේඛන පළ වී ඇති බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කළේය. ඇමරිකානු රජය රුසියානු-යුක්රේන අර්බුදයට ගැඹුරින් මැදිහත්ව යුක්රේනයේ අඛණ්ඩව ඔත්තු බලමින් සිටින බව අදාළ ලේඛනවල දැක්වේ. ඇමරිකානු මිත්‍ර රටවල් වන දකුණු කොරියාව හා ඊශ්‍රායලය ද ඊට ඇතුළත්ය.

මේ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා පසුගිය 10 වැනිදා ප්‍රකාශ කළේ, ඇමරිකාව යුක්රේන ජනාධිපතිවරයා පිළිබඳව ඔත්තු බැලීම බැහැර කළ හැකි සිද්ධියක් නොවන බවයි. ඇමරිකානු රජය දිගු කලක සිට වෙනත් රටවල නායකයන් පිළිබඳව ඔත්තු බලා ඇති අතර, යුරෝපා රටවල නායකයන් ඔවුන්ගේ ප්‍රධාන ඉලක්ක වී ඇතැයි ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම