තම හවුල්කරුවන් ස්වාධීනව තෝරා ගැනීමේ හැකියාව යුරෝපයට තිබිය යුතු බව ප්‍රංශ ජනපති පවසයි
2023-04-12 08:42:16
Share with:

ස්වාධීනව තම හවුල්කරුවන් තෝරා ගැනීමේ හැකියාව යුරෝපයට තිබිය යුතු බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා පවසයි.

ඊයේ (11) පස්වරුවේ නෙදර්ලන්ත සංචාරය අතරතුරදී කරන ලද කතාවකදී හෙතෙම මේ බව පැවසුවේ ය. යුරෝපය විවෘතව පැවතිය යුතු අතර ඒ සමගම එහි ආර්ථික ස්වෛරීත්වය පවත්වා ගත යුතුය. මෙම ආකාරයෙන් පමණක් ස්වාධීනව තම හවුල්කරුවන් තෝරාගෙන එහි ඉරණම යුරෝපීයයන් අතට පත් කළ හැකි බව එමානුවෙල් මැක්‍රොන් මහතා අවධාරණය කළේය. යුරෝපයට ස්වාධීනත්වය ඉතා වැදගත් බවත්, වෙනත් රටවල් මත යැපීම වෙනුවට යුරෝපය තමන්ගේම සංවර්ධන ආකෘතියක් පවත්වා ගත යුතු බවත් ඔහු පැවසීය. එසේම, පැරිස් සම්මුතියට ගරු නොකරන රජයන් සහ පුද්ගලයන් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කිරීම යුරෝපය නතර කළ යුතු බව ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම