ස්වාධීනත්වය තුළින් ගෞරවය හිමි වන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
2023-04-12 20:27:42
Share with:

යුරෝපය උපායමාර්ගික ස්වයං පාලනයක් සඳහා අනුගත විය යුතු බවත්, කණ්ඩායම් ගැටුම්වලට මැදිහත්වීමෙන් වැළැකිය යුතුය යන ප්‍රංශයේ ජනාධිපති Emmanuel Macron මහතා‍ගේ ප්‍රකාශය, විශේෂයෙන්ම ඇමරිකාවේ විවේචනයට ලක්ව තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා පෙන්වා දුන්නේ, යම් රටවල් වෙනත් රටවල් ස්වාධීන වනු දැකීමට කැමති නැති බවත්, ඔවුන්ට සෑම විටම සිය කැමැත්තට කීකරු වන ලෙස වෙනත් රටවලට බල කිරීමට අවශ්‍ය වන බවයි. නමුත් උපායමාර්ගික ස්වාධිපත්‍යය පිළිපැදීමෙන් වැඩි ගෞරවයක් සහ තවත් මිත්‍ර පාර්ශ්වයන් සමග සම්බන්ධ වීමේ හැකියාව ලැබෙනු ඇත. බලහත්කාරයන් හා පීඩනයන්ට සම්බන්ධ වීමෙන් සිදුවන්නේ වැඩි ප්‍රතිරෝධයක් සහ විරුද්ධත්වයක් නිර්මාණය වීම පමණක් බවත්, Wang Wenbin මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම