චීන ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ සංවර්ධනයෙන් පිබිදෙන චීනයේ හයිනැන් පළාත
2023-04-12 20:09:37
Share with:

           

           චීනයේ දකුණු කෙළවරේ පිහිටි හයිනැන් පළාත විවිධ සම්පත්වලින් සපිරි දූපත් ප්‍රදේශයකි. හයිනැන් පළාත විශේෂ ආර්ථික කලාපයක් වශයෙන් ස්ථාපිත කර මේ වන විට වසර 35ක් පමණ ගත වී තිබේ. මීට වසර 5කට පෙර එනම් 2018 වසරේ හයිනැන් විශේෂ ආර්ථික කලාපය ස්ථාපිත කිරීමේ 30වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් පැවති සමුළුවට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විශේෂ දේශනයක් පැවැත්වීය. හයිනැන් දූපත නිදහස් වෙළඳ නියමු කලාපයක් වශයෙන් ඉදිකිරීමට මධ්‍යම රජය තීරණය කළ බව හෙතෙම එහි දී ප්‍රකාශ කර තිබිණ. ඒ අනුව චීන ලක්ෂණවලින් යුත් නිදහස් වෙළඳ වරාය සංවර්ධනය ඇතුළු සැලසුම් රැසක් ක්‍රමානුකූලව ක්‍රියාවට නංවා ගැනීමට චීනය කටයුතු කර ඇත. මෙම සියවසේ මැද භාගය වන විට හයිනැන් පළාත සැලකිය යුතු ජාත්‍යන්තර බලපෑමක් සහිත ඉහළ මට්ටමේ නිදහස් වෙළඳ වරායක් බවට පත් කිරීමට අපේක්ෂා කෙරේ.

           ගෙවුණු වසර 5 තුළ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රමුඛ මධ්‍යම රජයේ මඟපෙන්වීම යටතේ හයි නැන් පළාතේ ආර්ථිකය කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබේ. එම පළාතේ සංචාරක, නවීන සේවා, අධි තාක්ෂණ, නිවර්තන කෘෂිකර්මාන්තය ඇතුළු කර්මාන්ත සීග්‍රයෙන් වර්ධනය වී ඇති අතර විදේශ ආ‍යෝජන  63.5%ක වාර්ෂික වර්ධනයකට ළඟා වී ඇත.

           හයිනැන් විශේෂ ආර්ථික කලාපය මෙතෙක් අත්කර ඇති සංවර්ධන ජයග්‍රහණ චීනයේ විවෘතභාවය හා ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය අඛණ්ඩ ව අනුගමනය කිරීමෙන් ලද ජයග්‍රහණවල මනා පිළිබිඹුවකි. හයිනැන් පළාත ඇතුළු රටේ විවිධ ප්‍රදේශවල සංවර්ධනය වෙනුවෙන් ෂී ජින් පිං ජනාධිපතිවරයා එහි ප්‍රමුඛතම සැලැසුම්කරුවා වශයෙන් කටයුතු කරමින් සිටී. එතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව ඉදිරියේදී හයිනැන් පළාත චීනයේ විශාලතම නිදහස් වෙළඳ ක‍ලාපය වශයෙන් සිය සංවර්ධන කාර්යභාරයන් තවදුර‍ටත් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම