පොදු සමෘද්ධිය සහ ග්‍රාමීය පුනර්ජීවනය ප්‍රවර්ධනය උදෙසා ග්‍රාමීය විශේෂතා කර්මාන්තවල වැදගත්කම චීන ජනපති අවධාරණය කරයි
2023-04-12 17:49:12
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(11) Guangdong පළාතේ Maoming නගරයේ Baiqiao ගම්මානයට පැමිණ ලිචී වගා වතු හා අනෙකුත් ආවේණික රෝපණ කර්මාන්ත නිරීක්ෂණය කළේය.

ලිචී ඇතුළු විශේෂ වගා කර්මාන්තයන් සංවර්ධනය කිරීම සහ ග්‍රාමීය පුනර්ජීවනය ප්‍රවර්ධනය කිරීම යන කරුණු පිළිබඳ ෂී ජින් පිං මහතා එහි දී සොයා බැලුවේය.

ලිචී වගා කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් ග්‍රාමීය පුනර්ජීවනය ළගා කර ගැනීම පිළිබඳ ප්‍රශංසාව පළ කරමින් හෙතෙම පැවසුවේ මෙම ප්‍රදේශයේ ලිචී වගාවේ දියුණුවට ආවේණික ලක්ෂණ සහ වාසිදායක පරිසරයක් ඇති බවයි.

එය පොදු සමෘද්ධිය සහ ග්‍රාමීය පුනර්ජීවනය ප්‍රවර්ධනය කිරීමේ ඵලදායී පියවරක් බවත්,  එය ග්‍රාමීය විශේෂතා කර්මාන්ත සඳහා යහපත් අනාගතයක් නිර්මාණය කර ඇති බව ද හෙතෙම අවධාරණය කළේය.

 

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම