ඇෆ්ගනිස්ථාන ප්‍රශ්නය පිළිබඳ චීනය සිය ස්ථාවරය ප්‍රකාශ කරයි
2023-04-12 18:50:28
Share with:

ඇෆ්ගනිස්ථාන ප්‍රශ්නය පිළිබඳ චීනයේ ස්ථාවරය නමින් විශේෂ ලේඛනයක් චීන විදේශ අමාත්‍යංශය විසින් අද(12) නිකුත් කරන ලදි.

චීනයේ ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම පැහැදිලි කිරීමට සහ ඇෆ්ගනිස්ථානයට ජගත් ප්‍රජාවගේ මෙන්ම අදාළ රටවල්වල සහය ලබා ගැනීමේ එකඟතාවය තහවුරු කිරීම වෙනුවෙන් චීනය එම ලේඛනය නිකුත් කළ බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද(12) පැවසීය.

ඇෆ්ගනිස්ථානයේ ස්ථීර පාලනයට අනුබල දීම, ත්‍රස්තවාදයට එරෙහිව දැඩිව මර්දනය ක්‍රියාත්මක කිරීම, ඇෆ්ගනිස්ථානය වෙත අදාළ පොරොන්දු ඉටු කරමින් වගකීම භාර ගන්නා ලෙස ඇමරිකාවෙන් ඉල්ලුම් කිරීම, ඇෆ්ගනිස්ථාන ප්‍රශ්නය පිළිබඳ බහුපාර්ශ්වික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, ඇෆ්ගනිස්ථානයේ මානව හිතවාදී හා සරණාගත ප්‍රශ්න විසඳීම සහ ඇෆ්ගනිස්ථානයේ මත්ද්‍රව්‍ය විරෝධයට සහය ලබා දීම ඇතුළු ක්ෂේත්‍ර 11ක අන්තර්ගතයන් එම ලේඛනයට ඇතුළත් කර ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම