‍පළාත පාලන මැතිවරණය නැවතත් කල් යයි
2023-04-12 16:56:58
Share with:

අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම දෙවන වතාවට ද කල් දැමීමට තීරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම ප්‍රකාශ කරන්නේ අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හා කොමිසන් සභාවේ පාලනයෙන් තොර වූ හේතු මත එම තීරණය ගැනීමට සිදු වූ බවයි. මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ නිශ්චිත දිනයක් තහවුරු වූ පසු, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇති නඩුවල තීන්දු මත දිනයක් තීරණය කිරීමට සිදුවන්නේ නම්, එම දිනයේදී හෝ නැතිනම් ලැබෙන පළමු අවස්ථාවේදීම ඡන්දය පැවැත්වීමට මැතිවරණ කොමිසමේ බලාපොරොත්තු වේ. එහි දී මැතිවරණ දිනය තීරණය කිරීම මැතිවරණ කොමිසන් සභාවේ උපදෙස් මත දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් විසින් සිදුකරනු ඇති බව ද සඳහන් වේ. මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා නිකුත් කළ මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සඳහා මේ දක්වා ගත් ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම