චීන ජනාධිපතිවරයා චීන හමුදාවේ දකුණු ප්‍රදේශ ආරක්ෂක කලාපයේ නිරීක්ෂණ චාරිකාවක
2023-04-12 20:00:35
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(11) චීන හමුදාවේ දකුණු ප්‍රදේශ ආරක්ෂක කලාපයේ නිරීක්ෂණ  චාරිකාවක නිරත විය. එහිදී නාවික හමුදා නිලධාරීන් හමුවෙමින් ෂී ජින් පිං මහතා පැවසුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ ජීවගුණය, නව යුගයේ ආරක්ෂක අංශ ශක්තිමත් කිරීමේ සංකල්පය හා හමුදා උපාය මාර්ගයන් අනුගමනය කළ යුතු බවයි.

ආරක්ෂක අංශවල පුහුණුව ගැඹුරු කිරීම, හමුදා අංශවල පරිවර්තනය කඩිනම් කිරීම හා හමුදා අංශ නවීකරණය වැඩිදියුණු කිරීම මගින් පක්ෂය හා ජනතාව භාර දෙන විවිධාකාර කාර්යයන් නිසි ලෙස සම්පූර්ණ කළ යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම