බ්‍රසීලය හා චීනය යළි අත්වැල් බැඳ ගනී
2023-04-12 09:37:09
Share with:

චීනය හා බ්‍රසීලය වෙන් වෙන්ව නැගෙනහිර හා බටහිර අර්ධගෝලයේ විශාලතම සංවර්ධනය වෙමින් පවතින රටවල් වේ. දෙරට අතර දුර, කිලෝමීටර් 18,800කි. බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula මහතා අප්‍රේල් මස 12වනදා චීනයේ සංචාරයක් ආරම්භ කරයි. ඒ සමග ශාන්තිකර සාගරයෙන් වෙන්ව පිහිටි දැවැන්ත නැගී එන රටවල් දෙක යළි අත්වැල් බැ‍ඳෙනු ඇත.

මෙය Luiz Inácio Lula ජනාධිපතිවරයා චීනයේ සිදු කරන තුන්වන නිල සංචාරයයි. ජනවාරි මාසයේ ජනපති ධූරයට පත්වීමෙන් පසු ඔහු තම කලාපයෙන් බැහැරව සිදු කරන පළමු විදේශීය සංචාරය ද මෙයය. ඔහු චීනයේ පැරණි මිත්‍රයෙකි. වසර 2003ත් 2010ත් අතර කාලයේ පළමු ජනපති සේවා කාලය තුළ ඔහු දෙවරක් චීනයේ චාරිකා කළ  අතර වසර 2008ටේ බෙයිජිං ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට විශේෂයෙන් එක්විය. වසර 2009දී චීනය බ්‍රසීලයේ විශාලතම වෙළඳ හවුල්කරුවා බවට පත්විය. අද දක්වා වසර 14ක් පුරා එම ස්ථානය වෙනස් වී නොමැත. බ්‍රසීලය, චීනය සමග පවත්වන වෙළඳ සබඳතාවේ වටිනාකම ඇ.ඩො. බිලියන 100ක් ඉක්මවා ගොස් ඇති පළමු ලතින් රට බවට පත්වී තිබේ. Luiz Inácio Lula මහතා චීනය සමග සම්බන්ධතාව ප්‍රබල ලෙස ප්‍රවර්ධනය කළ බ්‍රසීල ජනාධිපතිවරයෙකු බව කිව යුතුය.

චීනයේ සංචාරය සඳහා පිටත්වීමට පෙර ඔහු යුක්‍රේන අර්බුදය පිළිබඳව අදහස් දැක්වීය. ‘චීනයේ කාර්යභාරය’ හා ‘සාමය’ යන්න ඔහු නිරන්තරයෙන් එකට සඳහන් කළේය. ‘කවුරුන් හෝ මේ මොහොතේ සාමය ගැන කතා කළ යුතුයි. මොකද ඇමරිකාව හා යුරෝපය සාමය ගැන නෙවෙයි කතා කරමින් ඉන්නේ. ’

බාහිර ලෝකය Luiz Inácio Lula මහතාගේ මෙවර චීනයේ සංචාරය කෙරේ දැඩි අවධානයකින් සිටියි. නැගෙනහිර හා බටහිර අර්ධගෝලයේ විශාලතම සංවර්ධනය වෙමින් පවතින රටවල් වශයෙන් දෙරට සම්බන්ධතාවයේ වර්ධනය, මුළු ලෝකයටම ප්‍රතිඵල ගෙන දීම ඊට හේතුවකි. දෙර‍ටේ ජනාධිපතිවරුන්ගේ නායකත්වයෙන් විවිධ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වීය සුහද සහයෝගතාව ඉහල තලයකට නංවා කලාපීය හා ලෝක ස්ථාවරත්වය හා සමෘද්ධියට නව දායකත්වයක් ලබා දිය හැකි යැයි විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම