සෞදි අරාබිය හා හූතී සන්නද්ධ කණ්ඩායම අතර සාම සාකච්ඡා සඳහා යේමනයේ එකඟත්වය
2023-04-11 09:10:44
Share with:
සෞදි අරාබිය හා හූතී සන්නද්ධ කණ්ඩායම සමඟ සාම සාකච්ඡා පැවැත්වීම යේමන රජය පිළි ගනී.
ඊයේ(10) නිවේදනයක් නිකුත් කරමින් යේමන රජය මේ බව ප්‍රකාශ කළේය. සෞදි නියෝජිත පිරිස හා හූතී සන්නද්ධ කණ්ඩායම් අතර සාම සාකච්ඡාව පිළිගන්නා යේමන රජය එම සාකච්ඡාව සක්‍රිය ප්‍රතිඵල දිනා ගනු ඇතැයි අපේක්ෂා කරන බවද එම නිවේදනයේ සඳහන් වේ. එමෙන්ම පසුගිය දා සෞදි අරාබිය හා ඉරානය රාජ්‍යතන්ත්‍රික සබඳතාව යළි ආරම්භ කිරීමෙන් පසු “යේමනයේ සාමය සාක්ෂක් කළ හැකි වීමේ ඉඩ අන් කවරදාටත් වඩා ඉහළ ” බව එම නිවේදනයේ තවදුරටත් සඳහන් කර ඇත.
දිගුකාලීනව අත්හිටවා තිබූ යේමන සාම ක්‍රියාවලිය මෑතකදී සක්‍රිය වර්ධනයක් පෙන්නුම් කෙරිණ.